කාරුණික දැනුම් දීමයි:

පවත්නා විවේකයේ හිඟකම නිසාවෙන් මෙම බ්ලොග් සටහන තව දුරටත් ක්‍රමාණුකූලව යාවත්කාළීන නොවන බව කරුණාවෙන් සළකන්න .
නමුත් මෙහි ඇති ලිපි කියවීමට එය කිසිදු බාධාවක් නොවේ ,
එමෙන්ම කැනඩා සංක්‍රමණයට අදාල නවතම , නිරවද්‍ය තතු දැන ගැනීමට www.cic.gc.ca වෙබ් අඩවිය භාවිත කරන්න.

Monday, May 5, 2014

2014 - සුදුසුකම් ලත් රැකියා ලැයිස්තුව


FSW යටත් කැනඩාවට පැමිණිමට අපේක්ෂා කරන ඔබට වැදගත් පණිවිඩයක් මේ . 2014 වසරට අදාලව නව රැකියා ලැයිස්තුව මැයි මස 1 දා නිකුත් කළ අතර මේ එම සටහනයි.



වඩාත් නිවැරදි සහ සවිස්තරාත්මක තොරතුරු සඳහා www.cic.gc.ca වෙත යොමු වන්න

0013 Senior managers – financial, communications and other business services
0015 Senior managers - trade, broadcasting and other services, n.e.c.
0111 Financial managers
0112 Human resources managers
0113 Purchasing managers
0121 Insurance, real estate and financial brokerage managers
0311 Managers in health care
0711 Construction managers
0712 Home building and renovation managers
0811 Managers in natural resources production and fishing
0911 Manufacturing managers
1111 Financial auditors and accountants
1112 Financial and investment analysts
1113 Securities agents, investment dealers and brokers
1114 Other financial officers
1123 Professional occupations in advertising, marketing and public relations
1212 Supervisors, finance and insurance office workers
1224 Property administrators
2113 Geoscientists and oceanographers
2131 Civil engineers
2132 Mechanical engineers
2133 Electrical and electronics engineers
2145 Petroleum engineers
2171 Information systems analysts and consultants
2172 Database analysts and data administrators
2173 Software engineers and designers
2174 Computer programmers and interactive media developers
2232 Mechanical engineering technologists and technicians
2234 Construction estimators
2241 Electrical and electronics engineering technologists and technicians
2243 Industrial instrument technicians and mechanics
2263 Inspectors in public and environmental health and occupational health and safety
2281 Computer network technicians
3011 Nursing co-ordinators and supervisors
3012 Registered nurses and registered psychiatric nurses
3111 Specialist physicians
3112 General practitioners and family physicians
3132 Dietitians and nutritionists
3141 Audiologists and speech-language pathologists
3142 Physiotherapists
3143 Occupational Therapists
3214 Respiratory therapists, clinical perfusionists and cardiopulmonary technologists
3215 Medical Radiation Technologists
3216 Medical Sonographers
3233 Licensed practical nurses
3234 Paramedical occupations
4011 University professors and lecturers
4151 Psychologists
4214 Early childhood educators and assistants
5125 Translators, terminologists and interpreters


These occupations are either:

Skill Type 0 (management occupations) or
Skill Level A (professional occupations) or
Skill Level B (technical occupations and skilled trades)

Saturday, June 1, 2013

දහවන පියවර - පියාඹන්න අවසරයි ! (සමුගැනීම)

අපි මේ සටහනේ නමවන පියවර දක්වා පිළීවෙළින් කියාගෙන ආවේ කැනඩාවට එන්නට සූදානම් වන අයෙක් තම අරමුණ කරා පියවරෙන් පියවර ආ යුතු ආකාරය ගැන . එද කතා කරන්න වෙන්නේ ඒ අරමුණ ඉට කරගැනීමේ අවසාන පියවර , ඒ කියන්නෙ නීත්‍යානුකූල ලෙසින් කැනඩාවට පය තබන්නට පියාඹන්නේ කෙසේද කියන එක.

දැන් ඔබ පෙර ලිපියක කියූ පරිද්දෙන් Passport , Visa වගේම ගුවන් ගමන් ටිකට්පත් එහෙමත් සූදානම් කරගෙන නම් , ඔබට ගුවන් ගත වීමට නියමිත දිනය වේලාව ගැන නිසා අවබෝධයක් තිබෙනවා ඇති . එහෙම නම් පිටත් වීමට නියමිත දිනට පෙර සිටම පටන් ගනිමුකෝ ..

Friday, April 19, 2013

කැනඩා “ගැටේ“ නොවැටෙන්නයි -හරි විදියට පැන ගන්නයි

Federal Skill Worker Program  යටතේ කැනඩාවට එන්නට බලාගෙන ඉන්න හැමෝටම වැදගත් තොරතුරක් ඊයේ කැනඩා ආගමන අංශය විසින් නිකුත් කළා . ඒ , ලබන මාසේ 4 වන දා සිට නැවත ආරම්භ වන FSWP යටතේ කැනඩාවට ඇතුලත් කර ගැනීමේ පියවර වලට අදාල පෙර ගමන් මග පිළිබඳ අදහසක් .

Thursday, January 31, 2013

සුදානම් වන්න ..දිනේ ළඟයි ...

කැනඩාවට එන්නට මඟ බලාගෙන ඉන්න ඔබට අළුත් ආරංචියක් ලැබුණා , එමඟින් කියැවුනේ පහත සුදුසුකම් වලට යටත්ව , Federal Skill Worker වර්ගය යටතේ අයදුම්පත් භාර ගැනීම 2013 මැයි 4 වන දින සිට ආරම්භ වන පැවසෙනවා.


Thursday, December 20, 2012

වෙනසක් ගැන ඔත්තුවක් !



කැනඩාවට එන්නට බලාගෙන ඉන්න ඔබට වැදගත් පණිවිඩයක් දැන් ලැබුණා . නමුත් මේ ලිපිය පරිවර්තනය කරමින් ලිපියක් ලියන්නට කාළය නැති නිසා , ලැබුණු සටහන ඒ අයුරින්ම පළ කරනවා , ඉදරි දිනකදි මේ සියළු වෙනස්කම් ගැන විස්තර ඇතිව කතා කරන බලාපොරොත්තුවෙන් . හුඟක් වැදගත් වේයැයි සිතන තැන් bold කරලා තිබෙනවා , ඒ නිසා මේ කරුණූ අවශ්‍ය ඔබට ඉක්මණීන් සොයා ගන්නට හැකි වේවි කියල හිතනවා.


ඉදිරි ලිපියකින් නැවත හමුවෙමු.



Monday, November 19, 2012

නමවන පියවර - ගෙනියන “බඩු“ ගැන

හරි දැන් අපි ගමනට සූදානම් වෙමින් ඉන්නේ , පේනවනේ දැන් හිතුවට වඩා බඩු ගොඩගැහිල වගේ නේ ..කොහොම වුනත් දැන් අපිට සිද්ධ වෙනවා , ගෙනියන්න නියමිත බර ප්‍රමාණයට පමණක් සෑහෙන විදියට මේ බඩු මුට්ටු ටික පිළීවෙලකට pack කරගන්නට , ඒ නිසා දැන් ඔන්න අවශ්‍යම බඩු ටික දැන් පිළිවෙලට ළඟට ගනිමුකෝ ..

මොනවද වැදගත්ම ..? ...

Thursday, September 27, 2012

අටවන පියවර - පියාඹන්න අවසරයි

හොඳයි එහෙම නම් මාසෙකට පස්සේ අපි ආයෙත් අර කතාව පටන් ගනිමු . ඔව් දැන් ඔබට කැනඩාවට ඒමේ මුලික සුදුසුකම , එනම් වීසා අතට හම්බ වෙලා තියෙන්නේ ...දැන් මොනවද අපි කරන්නට ඕන කියන එක ගැනයි අද කතා කරන්න හිතාගෙන ඉන්නේ ...කෙනෙක් අහයි “ තව ඉතින් මොනවද ...පියාඹන්න තියෙන්නේ “ කියලා ..නැහැ , දැන් තමයි බොහොම සැළසුම් කරගත යුතු වැඩ රාශියක් , ඒ වගේම එක්කොම කර ගන්න කෙටි කාළයක් තියෙන්නේ ...ඇත්තටම දැන් අපි මොනවද කරන්නට ඕන ?...


Tuesday, August 21, 2012

හත්වන පියවර - ටිකට් එක ලැබෙනකම්


අපි පෙර ලිපියෙන් කතා කළා අවශ්‍ය ලියකියවිලි සූදානම් කරගන්න විදියත් , එය Submit කරන ආකාරයත් , ඒ සියල්ල අවසාන නම් ඔබේ අරමුණ කරා යාමේ පළමු පියවර අවසන් , ඒත් තවත් පියවර ගණනාවක් ඉදිරියට තිබෙනවා. අපි දැන් ටිකක් ඒ ගැන කතා කරමු .

Wednesday, August 1, 2012

හයවන පියවර -හොඳම පැනිල්ල තෝරගන්නට

වෙනත් රටකට සංක්‍රමණය වෙත්දි කරන්නම ඕන කරුණු කිහිපයක් අපි මේ වෙන කොට කතා කරල ඉවරයි , දැන් තියෙන්නේ , මේ කතා කළ දේවල් එක්කම , මේ රටට එන්නට තිබෙන නිත්‍යානුකූල මාර්ග මොනවද කියල හොයල බලන එකයි , ඒ කීවේ නිත්‍යානුකූල සංක්‍රමණිකයෙක් ලෙසින් කැනඩාවට ඇතුලු වන්නේ කෙසේද යන්නයි ..

Sunday, July 15, 2012

පස්වන පියවර - ගැලපෙන රස්සාවකටද ? රස්සාවකට ගැලපීමද

අපි පහුගිය ලිපියෙන් , කැනඩාව වෙත එන්නට සූදානම් , නැත්නම් අදහසක් තිබෙන ඔබ කළ යුතු එක් කාරනාවක් ගැන කතා කළා  . ඒ කැනඩාවේ ආර්ථීක ස්වභාවය  , විචලනයන් සහ ඒ අපට ප්‍රායෝගිකව බලපෑ හැකි ආකාරයන් පිළිබඳව , අද කතාවත් ඊට සම්න්ධයි  , ඒත් ඊට ඉස්සර වෙලා දැන ගන්නට ලැබුණු පොඩි රහසක් කියන්නටත් ඕනෑ කියල හිතුන ,

Tuesday, July 3, 2012

සිව්වන පියවර- සොයා බලා පියඹින්න

කැනඩාවට සංක්‍රමණය වීම සඳහා අපේක්ෂාවෙන් , ලොව පුරා සිටි හැමදෙනාම පසුගිය ජුලි පළමු වනදා ගැන මහත් උනන්දුවෙන් බලා සිටියා , ඒ හැම වසරකම මේ දිනයට කැනඩා සංක්‍රමණයට අදාල නීති රිතී , සමහර කරුනු කාරණා වෙනස් වෙමින් , විශේෂිත කාණ්ඩ සඳහා (FSWP) නව ඉල්ලුම්පත් භාර ගැනීම ඇරඹෙන්නෙත් එදා නිසා. ඒත්......


Sunday, June 24, 2012

තෙවන පියවර - කොයි පාරද කිට්ටු පාර


කැනඩාවට එන්නට කැමැත්ත , උනන්දුව තියෙන කෙනෙක් විදියට දැන් අපි බස හදා ගන්නට සූදානම් නේ , කෙසේ වෙතත් මෙන්න මේ ලින්ක් ටික හුඟක් වැදගත් වේවි ඔබේ ඉංග්‍රිසි දැනුම වැඩි කරගන්නට , විශේෂයෙන්ම I.E.L.T.S වලට සුදානම් වන්නට , වෙනත් කරුණූ ටිකක් ගැන ලියන්න හිටියත් , පහුගිය ලිපියෙන් පස්සේ ලැබුනු ඇමතුම් , ඊ ලිපි සියල්ලම ගැන හිතා බැළුවම මට හිතුනේ , විසා ක්‍රියාවලිය Visa processing ගැන කතා කරනවාට වඩා වැදගත්ම දේ මේ කඩුල්ල පනින හැටි (කොටු පනින හැටි නෙවි ) කතා කරන එකයි කියල , මොකද අපේ රටේ ඉන්න ප්‍රමාණවත් සුදුසුකම් ඇති අයත් මේ පැත්තට නොඑන්නට ලොකුම හේතු මේ I.E.L.T.S. කඩ ඉම බවයි මට හිතෙන්නේ , මොකද සල්ලි නැත්නම් ඉතින් ගේදොර විකුණල හරි ණයක් අරගෙන හරි වැඩේට බහින්න පුළුවන් වුනත් . ඒත් ඉතිං මේක ගොඩ දාගන්නම එපායැ .


Wednesday, June 20, 2012

දෙවැනි පියවර - පනින්ට පෙර බස දැනගනු !

එහෙම නම් අපේ දෙවැනි පියවර තබන්නයි හදන්නේ , මේ අපි යන්න හදන්නේ ටිකක් බැරෑරුම් ගමනක් , ගන්න හදන්නේ ජීවිතේ වැදගත්ම තීරණයක් , ඒ නිසා ඒ තීරණය ගන්න , පියවර ඔසවන්න ඉස්සර වෙලා යන්න හදන තැන ගැන පොඩි අවබෝධයක් තිබෙන එක හරිම වටිනවා . ඒ නිසා අදත් අපි මුලින්ම කැනඩාවේ සිරි විසිතුරු තොරතුරු ටිකක් කතා කරලම ඉමු .

Monday, June 18, 2012

පළමු පියවර - මේ කොයි යන්නේ ...

හැමදාමත් වෙනස් වන අපේ හිත්වල පුංචි පුංචි බලාපොරොත්තු තියෙනවා . පුංචිම කාළෙ නම් අම්මට තුරුල් වෙලා බඩ පිරුණත් තව ටිකක් කිරි බොන්න , ඒ උණුහුමේ හැංගිලා ඉන්න , ඊට ටිකක් ලොකු වෙන කොට තාත්තත් එක්ක රේස් පැදල , තරඟෙට දුවල දිනන්න , තව ටිකක් කල් ගියාම ඉස්කෝළෙ , පන්තියේ හොඳ තැනක් ගන්න ...ඔහොම කියාගෙන යත්දි කොයි තරම් නම් බලාපොරොත්තුද ? ...අපි ජීවත් කරවන නොපෙනෙන බලවේගය මේ බලාපොරොත්තු කියලයි අපි හැමෝම දන්න විදිය ,