Wednesday, August 1, 2012

හයවන පියවර -හොඳම පැනිල්ල තෝරගන්නට

වෙනත් රටකට සංක්‍රමණය වෙත්දි කරන්නම ඕන කරුණු කිහිපයක් අපි මේ වෙන කොට කතා කරල ඉවරයි , දැන් තියෙන්නේ , මේ කතා කළ දේවල් එක්කම , මේ රටට එන්නට තිබෙන නිත්‍යානුකූල මාර්ග මොනවද කියල හොයල බලන එකයි , ඒ කීවේ නිත්‍යානුකූල සංක්‍රමණිකයෙක් ලෙසින් කැනඩාවට ඇතුලු වන්නේ කෙසේද යන්නයි ..


මේ සඳහා මාවත් කිහිපයක් තිබෙනවා , හැබැයි මම මුලින්ම කතා කරන්න හදන්නේ Skill workers and Professionals ක්‍රමය ගැන , මේ සඳහා අයදුම් කරන්නට පුළුවන් වන්නේ , කැනඩාවට අවශ්‍ය වෘත්තීයමය මිනිස් බලය ගොඩනගන්නට ගන්නා උපක්‍රමික වැඩසටහනක් වෙන මෙය බොහොම ඉක්මන් , ඒ වගේම ගුවන්තොටුපලෙන් ඇතුළු වෙත්දිම , ස්ථිර පදිංචියට Permanent Residence පිලිබඳ නීත්‍යානුකූල බලයක් අපට ලබා දෙන ක්‍රමයක්. ඔබ දැනටමත් නිශ්චිත , සහ ජාත්‍යන්තරව පිළිගැනිමක් තිබෙන වෘත්තීයක නම් ඉන්නේ , රැකියාව තුල ප්‍රමාණවත් අත්දැකීම් ප්‍රමාණයක් ලබන්නට කාළය හරි නම් , ඔබට පුළුවන් මේ සඳහා අයදුම්කරන්නට , ...පොඩ්ඩක් ඉන්න ..මේ යටතේම ඉල්ලන්න පුළුවන් තවත් පිරිසක් ඉන්නවා ,ඒ කැනඩාවේ යම් ආයතනයක් විසින් ස්ථිර රැකියාවක් ලබා දෙන බවට පිළිගන්නට පුළුවන් ලියැවිල්ලක් ඇත්නම් , ඒ කීවේ ඔබට කැනඩාව තුල රැකියාවක් ලබෙන බවට සහතික වන්නට පුළුවන් ආකාරයක් තිබෙනවා නම් , මේ යටතේම Arranged employment යටතේ ඔබට ඉල්ලුම් කරන්නට පුළුවන් , ඒ වගේම දැනටමත් PhD එකක් හදාරන්නට කැනඩාවේ විශ්වවිද්‍යාලයක ලියාපදිංචි වූ අයෙක් නම් නැත්නම් , එම ආයතනය තුලින් PhD එකක් පසුගිය වසර තුල ලබා ගෙන ඇත්නම් ..ඔබටත් මේ අවස්ථාව හිමියි . (හැබැයි මෙයින් දැනට ක්‍රියාත්මක Arranged employment සහ මේ PhD ක්‍රමය පමණයි , අනෙක් ආකාරය 2013 වන තුරු තාවකාළිකව නැවැත්විමක් කරලා තිබෙන්නේ. නැවත ඇරඹීමත් එක්ක මේ සියළු ක්‍රම ඔබට විවෘතයි .





ඔබ දැනටමත් මේ සුදුසුකම සහිත නම් දැන් කරන්න තියෙන්නේ අදාල අයදුම්පත් සමුපර්ණ කරන එක, මේ ඉල්ලුම්පත් පිරිවිල්ල බොහොම පරිස්සමින් කරන්න ඕන දෙයක් , මොකද පොඩි හරි වැරැද්දක් වුනොත් මේ කටයුත්තට ගත වන කාළය වැඩිවෙන්න හරි , සමහර විට ඉල්ලුම්පත ප්‍රතික්ෂේප වෙන්න හරි ඉඩ තිබෙනවා . ඒ නිසා හොඳම දේ , මේ දෙන ලින්ක් වලින් ගිහින් ඉල්ලුම්පතේ පිටපත් දෙකක් විතර මුද්‍රණය කරගන්න , ඉට පස්සේ බොහොම පරිස්සමින් කියවන්න , අවශ්‍ය කරන ලියවිලි , සහතික ඔක්කොම ළඟට ගන්න , දැන් ඉතින් වෙන කළබල නැතිව පරිස්සමින් මේ වැඩේ පටන්ගන්න. ලින්ක් ටික පහලින් දාන්නම් , තව දෙයක් කියන්න ඕන , මේ එක්කම ඔබට යම් මුදලක් හිර කරන්නට වෙනවා , ඒ Application processing fee එකක් විදියට , හැබැයි මේක ඔය ඒජන්සි වලට දෙනව වගේ මුදලක් නොවෙයි , ඔබ මේ ගෙවිම කරන්නේ කැනඩා රජයේ Receiver general වෙතට, ක්‍රෙඩිට් කාඩ් ගණු දෙනුවල ඇති විය හැකි අවදානම හැරෙන්නට වෙනත් අවදානමක් මෙහි නැහැ. මොකද ඔබේ ඉල්ලුම්පත ඉදිරියම ගෙනයාමට තරම් සුදුසු මට්ටමක නැත්නම් . කෙටියෙන් කීවොත් Application එක reject වුනොත් ඒ ගෙවපු මුදල ඔබට නැවත ලබා ගන්නට පුළුවන් . මුදල කොච්චරද කීවොත් ...අවුරුදු 22ට වැඩි හැමකෙනෙක් වෙනුවෙන්ම කැනඩා ඩොලර් 550 බැගිනුත් ඊට වයසින් අඩු කෙනෙක් වෙනුවෙන් ඩොලර් 150 බැගිනුත් ගෙවන්නට වෙනවා. මේ කීවේ ඔබේ අයදුම්පතේ ඉන්නා පිරිස අනුවය ඔබට මේ ගෙවීම් කරන්නට වෙන්නේ. (හැබැයි ඉතින් ඔබ මේ වැඩේ කරගන්නේ විදේශ රැකියා ආයතනයක් නැත්නම් එම උපදේශකයෙක් මඟින් නම් තවත් ලක්ෂ කිහිපයක් ගෙවන්නට වේවි , ඒවනම් ආයේ ලැබේද කියල කියන්න මම දන්නේ නැහැ ) .




තව වැදගත් දෙයක් තිබෙනව මුදල් ගැන කියන්නට , ඒ තමයි මීට අමතරව ඔබට ඉදිරියෙදි තව වියදම් කිහිපයක් කරන්නට වෙනවා , ඒ තමයි ඔබේ වෛද්‍ය පරික්ෂණ වලට සහ පොලිස් වාර්තාවන් ලබා ගැනිමට. ඒ වගේම මේ සියල්ල අවසානයේ , ඒ කියන්නේ වීසා ක්‍රියාවලිය අවසානයේ , ඔබට කැනඩාවට එන්නට පෙර තවත් මුදලක් ගෙවන්නට වේවි , එතැනදි ඔබට ඩොලර් 490 ද බැගිනුත් ඔබේ බිරිඳ හෝ ස්වාමි පුරුෂයාට තවත් 490 බැගිනුත් කැනඩා රජය වෙත ගෙවන්නට වෙනවා . හැබැයි දරුවන් මෙයින් නිදහස් , අනෙක ඉතින් මේක ගෙවන්න වෙන්න වීසා අතට ලැබෙන්න ටිකකට ඉස්සර , ඒ නිසා ඉතින් කොහොම හරි ගෙවන්න බැරියැ නේද ?



මේ සියල්ල සම්පුර්ණ නම් දැන් ඔබට පුළුවන් ඔබේ ඉල්ලුමපත් Centralized Intake Office for Federal Skilled Worker Applications in Sydney, Nova Scotia (Canada) වෙත තැපැල් කරන්නට.




මෙන්න අර ලියකියවිලි ටික , මේ ලින්ක් එක උඩ right click කරල save as ගියාම PDF එක් විදියට බාගත කරගන්න පුළුවන් . මේ සිල්ලම බාගත කරගන්න මොකද මේ හැම ලියවිල්ලක්ම වැදගත් , විශේෂයෙන්ම Document Checklist [IMM 5612] අරගෙන මේ ඉල්ලල තිබෙන ලියකියවිලි සුදානම් කරගන්න , ඒ හැම එකකම සහතික කළ පිටපත් සුදානම් කරගන්න .




ඊළඟට ප්‍රධාන ඉල්ලුමපත Generic Application Form for Canada [IMM 0008] අරගන්න . මේ එක්කම 

Additional Dependants/Declaration [IMM 0008DEP]

Schedule A – Background/Declaration [IMM 5669]

Schedule 3: Economic Classes [IMM 0008 SCHEDULE 3] ,

Additional Family Information [IMM 5406]

Supplementary Information - Your travels [IMM 5562]

Separation Declaration for Minors Travelling to Canada [IMM 5604]

Statutory Declaration of Common-law Union [IMM 5409]
ටිකත් download කරගන්න , දැන් මේ ඉල්ලුම්පත පුරවන විදිය අකුරක් නෑර පැහැදිලි කරල දෙන Instruction Guide [IMM EG7000] කියවගන්න , දැන් ඉතින් මේක පුරවගන්න එක මහ ලොකු දෙයක් වෙන එකක් නැහැ .Fee Payment Form – Application for Permanent Residence මේ තමයි ඔබ ගෙවිය යුතු මුදල් පිළිබඳ විස්තර අඩංගු සටහන ,




ටිකක් බැරෑරැම් තමයි , ඒ නිසා විවේක පාඩුවේ මේ සියල්ල අධ්‍යයනය කරලා වැඩේට බහින්න , අපි ඊළඟ දවසේදි කතා කරමු , මෙහෙම Submit කරන ඔබේ ඇප්ලිකේෂන් එකට මොකද වෙන්නේ , කොහොමද තේරීම් කෙරෙන්නේ කියලා .




ලැබෙන විවේකයත් එක්ක මේ සටහන් ලියන නිසා , ඔබ බලාපොරොත්තු වන ඉක්මණින් සටහන් පළ නොවීම ගැන මගේ කණගාටුව , ඒ වගේම මේ ලිපි පිටපත් කරමින් වෙනත් අන්තර්ජාල පිටුවල බෙදා හරිනවා නම් , කරුණාකර මෙම සටහනේ ලින්ක එක් සටහන් කරන්න කාරුණික වන්න , ඕනෑ කරන්නේ එච්චරයි ,




තවත් දවසක හමුවෙමු ...

10 comments:

  1. Thanks for your Valuable information..

    ReplyDelete
  2. යාළුවා,ඔයා කියලා තියෙනවා වෛද්‍ය පරීක්ෂන කරන්න ඕනා කියලා.මොන වගේ වෛද්‍ය පරීක්ෂනද එයාලා කරන්නෙ.පොඩ්ඩක් විස්තර දෙන්න.

    (මම ඉන්ජෙක්ෂන් ගහනවට බයායි!!!!!!!!!!)

    ReplyDelete
  3. ස්තුතියි අදහස් දැක්වූ සැමට .

    ReplyDelete
    Replies
    1. Could you explain about fund showing? I'd like to give a big thank for your dedications

      Delete
  4. ස්තුති අයියේ, ඔයාගේ කාළය කැප කරලා මේ වගේ ලිපි පෙළක් ලියා තැබුවාට.. කොමෙන්ට් නොකලත් බොහෝදෙනා අනිවාර්යෙන් මේවා කියෝලා ප්‍රයෝජන ගන්නවා ඇති.. ස්තුති

    ReplyDelete
  5. වටිනවා හැම දෙයක්ම, මේ ලිපි 10 ම කියෙව්ව, ඒත් සමහර විස්තර හම්බුනේ නෑ, හදිස්සියෙන් වත් අපි කැනඩා ගිහිල්ල සති දෙකක් යනකොට අපිට හිතුනොත් ආයිත් ලංකාවට එනව කියල, එතකොට එහෙ ලැබුණු ස්ථිර පදිංචිය නැති වෙනවද ? කැනඩාවට ගිහින් අනිවා එහෙ ඉන්නම ඕනෙද අවුරුදු ගානක්, එහෙ ගිහින් 1 දාල අයිත් ඇවිල්ල පස්සෙ කාලෙක ස්ථිර පදිංචියට යන්න බැරිද ... ? කවදහරි එහෙ සිටිසන් ගත්ත දවසට ලංකාවෙ සිටිසන් නැති වෙනවද ... ? ඔය වගේ ලිපි පෙලින් හොයාගන්න බැරි උන දේවල් ටිකක් තියෙනව .. උත්තර දෙන්න පුළුවන් නම් වටිනව ...

    ReplyDelete
  6. ස්තූතියි ලිපි පෙලට.

    ReplyDelete
  7. australia wa ganath kawru hari dannako
    godak sthuthi meyata
    meka 2015 tath walnguda?

    ReplyDelete