Tuesday, August 21, 2012

හත්වන පියවර - ටිකට් එක ලැබෙනකම්


අපි පෙර ලිපියෙන් කතා කළා අවශ්‍ය ලියකියවිලි සූදානම් කරගන්න විදියත් , එය Submit කරන ආකාරයත් , ඒ සියල්ල අවසාන නම් ඔබේ අරමුණ කරා යාමේ පළමු පියවර අවසන් , ඒත් තවත් පියවර ගණනාවක් ඉදිරියට තිබෙනවා. අපි දැන් ටිකක් ඒ ගැන කතා කරමු .


ඔබ අදාල ඉල්ලුම්පත් සහ ඊට අදාල සියලු ලියවිලි , පොලිස් වර්තා , නියමිත මුදල් ගෙවීම් කළා නම් දැන් තවත් දින කිහිපයකින් ඔබේ ඉල්ලුම්පත ලැබුණු බවත් ඊට අදාල තාවකාළික file අංකයක් සහිත ලිපියක් ලැබේවි . සාමාන්‍යෙයන් ඉල්ලුම්පත යොමු කර මාසයක් වගේ කාළයක් ඇතුලත මෙය ලැබේවි. දැන් ඔබ කැනඩාව ගැන තවත් විස්තර හොයාගන්න එක් හොඳයි , දැනට තියෙන රැකියා ඉල්ලුම් , නිවාස කුළි , වෙනත් වියදම් ගැන එහෙම ටිකක් හොයා ගන්න .

ඒ කාළේ මොකද වෙන්නේ කියලත් ටිකක් දැන ගත්තොත් ඔය කාළේ හිතට දැනෙන කාංසාව අඩු කරගන්න පුළුවන් වේවි . ඒ නිසා අපි ටිකක් ඒගැන බලමු .


මුලින්ම ඔබේ අයදුම්පත භාර ගන්නා Citizenship and Immigration   Canada’s Central Intake Unit (CIU) , Sydney, Nova Scotia මගින් අයදුම්පතේ මුලික අඩුපාඩු ඇත්දැයි හොයල බලනවා , ඔබේ ඉල්ලුමපත , වීසා processing සඳහා සුදුසුකම් ලැබුවාද , නැත්ද , අඩුපාඩු සහිත නම් ඉදිරිපත් කළ යුතු ලියකියවිලි පිළිබඳව ඔබට දැනුවත් කරාවි.

දැන් සුදුසුකම් ලද ඔබේ අයදුම්පත සහ අදාල ලියකියවිලි ගොනුව ලංකාවේ Visa Office එක වෙත යොමු කෙරෙනවා. එහිදි ඔබේ ලියකියවිලි එකින් එක බොහොම සුක්ෂම විදියට සොයා බලන අදාල වීසා නිලධාරින් සමහර කරුණූ තරවුරු කර ගන්නට ලියකියවිලි වලට අදාල නිකුත් කළ නිලධාරින් පවා අමතන්නට ඉඩ තිබෙනවා . විශේෂයෙන්ම මුදල් තත්ත්වය පිළිබඳ තහවුරු කරගන්නට බැංකු කළමණාකාරීත්වය අමතන එක පොදු එක අවස්ථාවක් . ඉන් අනතුරුව ඔබේ ලියකිවිලි සහ සුදුසුකම් සඳහා ලකුණූ ලබා දීමක් කෙරෙනවා . එතැනදි පහත සාරාංශයක් විදියට දැක්වෙන ක්‍රමයට ඔබට ලකුණූ දෙනවා . ඔබට ලකුණු 67ක් හෝ ඉහළ අගයක් ගන්න පූළුවන් වුනොත් ඔබ දිනුම් ...ඒ කියන්නේ ඔබේ අයදුම්පත දැන් ඉදිරියට යන්න සුදුසුකම් ලබලා තිබෙනවා . මෙතැනින් එහාට මොකද වෙන්නේ කියල බලාගන්න පුළුවන් මෙන්න මේ ලින්ක් එකට ගියාම .

ඒ වගේම 33A, 5th Lane, Colpetty Colombo -03 Sri Lanka ලිපිනයේ තිබෙන කැනඩා high commision එකට ගිහින් තොරතුරු දැන ගන්නත් පුළුවන් , ඒත් ඒ හැම වෙලාවකම ලැබෙන්නේ දළ විස්තරයක් විතරයි වැඩි විස්තර ලබා දෙන්නට අදාල නිලධාරින්ට හැකියාවක් නැහැ , මොකද වීසා සැකසුම ඒ තරම්ම සුක්ෂමව කෙරෙන නිසා.


තව දුරටත් මාස කිහිපයක් ගියාම ඔබට ලිපියක් ලැබේවි , ඔබේ වෛද්‍ය   පරික්ෂණ ඉදිරිපත් කළ යුතු බව දැනුම් දීලා. ඒ විස්තරාත්මක ලිපියේ ඔබට අදාල පරික්ෂණ කර ගත හැකි වෛද්‍ය මධ්‍යස්ථාන සහ කෙරෙන පරික්ෂණ පිළිබඳව කෙටි විස්තරයක් තිබෙනවා. ඒ සඳහා ඔබ මුදල් ගෙවිය යුතුයි අදාල වෛද්‍ය මධ්‍යස්ථානයට , මතක ඇතිව එතැනින් නිකුත් කරන රිස්ට්පත පරිස්සමට තියා ගන්න , මොකද එය ඔබේ ෆයිල් එකට ඇතුලු කරන්නට වෙන්න ඉඩ තිබෙනවා .

මෙයින් පසුව හෝ හේ සමඟම යම් අවශ්‍යතාවක් තහවුරු කරගන්නට ඇතොත් අදාල වීසා නිලධාරියා සමඟ සම්මුඛ සාකච්ඡාවකට පැමිණෙන්න යැයි දැනුම් දේවි . නමුත් FSW තුලදි ඒ විදියට කැඳවිම් කරපු අවස්ථා අහන්නට ලැබුණේ ඉතා සිමිත සංඛ්‍යාවක් .

තවත් සති හතරකට හයකට පස්සේ ඔබේ ජංගම දුරකථනයට ඇමතුමක් 

 ඒවි , “ඔබේ කැනඩා වීසා ඉල්ලුම්පත සියළු සුදුසුකම් සපුරා ඇත , ඔබේ වීසා නිකුත් කිරිම සඳහා Right of Permanent Resident Fee (RPRF) ලෙස අදාල මුදල ගෙවා , ඒ සමඟින් ඔබේ පාස්පෝට් වීසා කාර්යාලයට ඉදිරි දිනයක පෙරවරුවේ ලබා දෙන ලෙස “ ...ලිපියක් හෝ විද්‍යුත් ලිපියක් ලැබෙන්නත් පුළුවන් . දැන් ඉතින් පමා නොවී අදාල ගෙවීම් සිදු කරල , පාස්පෝට් ටික වීසා ඔෆීස් එකට භාර දීලා හවස් වෙනකම් ටිකක් ෂොපිං කරන්න , මොකද දැන් ඉතින් ගෙනියන්න දේවල් ගන්න එපායැ .....ෂොපිං කරලා පොඩි රෙස්ට් එකක් අරගෙන හවස එකට දෙකට විතර High commission එකට යන්න .....


ඔන්න ඔබ මෙතෙක් කළ නෙත් අයා සිටි වීසා ඔබේ පාස්පෝට් එකේ   සටහන් කරලා , පොඩ්ඩක් බලන්න නම් වල වෙනසක් ඇත්ද කියලා , නම කෙටි වෙලා තියෙන්න පුළුවන් . මොකද ලංකාවේ අපේ නම් වල දිගට මුද්‍රණය කරන්න අමාරුයිලු වීසා සටහන තුල . මේ එක්කම ස්ථීර පදිංචියට අදාල ලේඛණත් ඔබට ලබා දේවි , සුබ පැතුම් එක්කම ....

දැන් ඉතින් ...!!!!!!!!!!!




ඔව් එතැනින් එහාට කර ගන්න ඕන දේවල් ටික අපි අනෙක් දවසේ කතා කරමු . එතැනදි ඔබ ගුවන් ගමනට සූදානම් විය යුතු ආකාරය , ලංකාවෙන් ගෙන ආයුතු , නොගෙන ආයුතු දේ , වගේම අදාල ලියකියවිලි ගැනත් කතා කරමු ....




තිබෙන විවේකයත් එක්ක ඊළඟ ලිපිය එක් කරන්නට ටික දවසක් යාවි ඒ ගැන සමාවන්න .

7 comments:

  1. ඔබගේ මේ සේවය ඉතාම කාලෝචිත සහ මිල කරන්න බැරි වැඩක්. එකට තැන්ක්ස්.

    ප්‍රශ්න 3 තියනවා

    1. අහල තියන විදිහට 25 laks විතර funds පෙන්නන්න ඕනේ කියන්නේ ඇත්තද?

    2. Application එක approve වෙලා VISA ගහන්න යන කාලය කොහොමද ?

    3. මුළු process එකටම කොච්චර විතර මුදලක් යයිද ?

    ReplyDelete
  2. වටිනා ලිපි පෙලක්.. විදෙස්ගත වීම පිලිබඳ හොඳ තොරතුරු එකතුවක් :)

    ReplyDelete
  3. Interesting! meka kiyawaddi attatama Canada yanawa wage danenawa

    ReplyDelete
  4. අපූරුයි ඇත්තමයි මේවා ලියන එක!

    ReplyDelete
  5. Dan canada Visa Denne na kiyanne aththada...??

    Nathnam a boru kathawakda..??

    ReplyDelete
  6. ස්තුතිය සැමට , ඔබ විමසා ඇති සියළු ප්‍රශ්න වලට පිළිතුරු පෙර ලිපි වල සටහන් කර ඇති නිසා කරුණාකර එමඟින් අවශ්‍ය තොරතුරු සපයා ගන්න . එහි නොමැදි යමක් වේන්ම් පමණක් ප්‍රශ්නය යොමු කරන්න , දන්නා දෙයන් කියා දෙන්නම්

    ReplyDelete
  7. බොහොම ස්තුතියි සෑහෙන්න ප්‍ර‍ යෝජනයක් ගත්තා. මට දැන ගන්න ඕනෙ කවද්ද application ගන්න එක close කරන්නෙ කියල

    ReplyDelete